සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා හෙට (12දා) උදෑසන 8.00 සිට දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව හෙට උදෑසන 8.00 සිට 13 වන දින උදෑසන 8.00 දක්වා යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, නුවරඑළිය, හම්බන්තොට දිස්ත්‍රික්කය තුළත්, 13 වන දින උදෑසන 8.00 සිට 14 වන දින උදෑසන 8.00 දක්වා වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොනරාගල, මාතර දිස්ත්‍රික්කවල රෝහල් තුළත්,
14 වන දින උදෑසන 8.00 සිට 15 වන දින උදෑසන 8.00 දක්වා අනුරාධපුර, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, ගාල්ල දිස්ත්‍රික්කයන්හී රෝහල් තුළත්, 15 වන දින උදෑසන 8.00 සිට 16 වන දින උදෑසන 8.00 දක්වා පුත්තලම, ගම්පහ, කෑගල්ල, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවල රෝහල් තුළත් වැඩවර්ජනය සිදුකරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.