කොළඹ ජාතික රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය තුළ දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රෝහලේ ඖෂධ හිඟයක් නොමැති බවයි. රෝගීන්ට අභන්තර සහ බාහිර වශයෙන් ලබා දෙන ඖෂධ අඛණ්ඩව ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
තවද උතුරු මැද පළාතේ වැලිකන්ද, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, කැබිතිගොල්ලෑව වැනි රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කරයි.
එම රෝහල් වැසී යාමේ අවදානමක් කිසිම විටෙක නොමැති බවත්, රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කරන බවත්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා අවධාරණය කර සිටියි.