මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් ලබාදීමට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම රෝහල රජයට පවරා ගත් බවට සඳහන් කළත් එය අසත්‍යයක් බවට මේ වනවිට තහවුරු වී තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
එවන් ආයතනයකට මාසිකව රජයෙන් මුදල් ලබාදීමට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් රුපියල් ලක්ෂ 900ක් ලබාදීමටත් කටයුතු කර තිබෙන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.