නැගෙනහිර පළාත් වෛද්‍ය නිලධාරීන්ගේ හිඟ අතිකාල දීමනා අනිද්දා (26 දා) වන විට නොලැබෙන්නේ නම් නැගෙනහිර පළාත් සභාව යටතේ පාලනය වන සියලුම රෝහල්වලදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැගෙනහිර පළාත් ශාඛා එකමුතුව අවධාරණය කර තිබේ.
කොළඹ අද (24දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ නැගෙනහිර පළාතේ රෝහල් කිහිපයක වෛද්‍ය පරිපාලන තනතුරුද මේ වන විට පුරප්පාඩු වී ඇති බවයි.