රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු විකෘති කර දක්වමින් ජනතාව නොමග යවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශී‍්‍ර ලංකාවේ ජාතික පාසල් 352 ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඞ්, මහාමායා, උසස් බාලිකා කුරුණෑගල, මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12 ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස යැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිදුරටත් දක්වා සිටියි