මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පිළිගැනීම පිළිබඳව තමා සතුටුවන බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
එසේම සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වෛද්‍යවරයෙකු බවට පත්වීම බැවැන් රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
“ සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වන්නේ, වෛද්‍යවරයෙකු ලෙස මූලික සුදුසුකම් සපුරා, පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයෙකු වීම බැවින්, මා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමුකරන ලෙසයි.
සියලු මතභේද දුරලමින් රටේත්, සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මා නිහතමානීව සතුටු වෙමි” යැයි අද (31දා) නිකුත් කළ නිවේදනයේ වෙයි.