www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
විදේශ පුහුණුව නිම කර ශ්රී ලංකාවට පැමිණි වෛද්යවරු සහ ස්ථාන මාරු නියෝග ලබා පැමිණි වෛද්යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මෙතෙක් අධ්යාපන අමාත්යාංශය ලබා දුන් විශේෂ අනුග්රහය මෙවර ලබානොදීමට විරෝධය පළ කරමින්රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද (22දා) පෙරවරුවේ අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයකනිරත වූහ.
මේ සඳහා දිවයින පුරා වෛද්යවරු 200ක් පමණ සහභාගී වූ අතර විරෝධතාව අතරතුර අධ්යාපන ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබීමෙන් පසු උද්ඝෝෂකයන් හා ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව අතරතුර උද්ඝෝෂකයන් විසින් තමන්ට සිදුවී ඇති අසාධාරණය පෙන්වා දුන් අතර, අමාත්යාංශ නිලධාරීන් විසින් තමන්ට ඇති ප්රා‘යෝගික ගැටලු පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත් අවසන් තීරණය ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ අමාත්යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්ය නිලධාරී සංගමයේ ප්රකාශකයෙක් පැවසීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd