ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ලිපිය ඉවතට දමා කටයුතු කළහොත් ආණ්ඩුවට බොහෝ විපාකවලට මුහුණදීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 08 දෙනා ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගෙන සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙසට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා සමස්ත රටම පිළිගන්නා මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමට අනුව ආණ්ඩුව කටයුතු කළයුතු බවත්, එසේ නොමැති වුවහොත් මරාන්තික උපවාසවලින් හා වැඩවර්ජනවලින් ආණ්ඩුවට පිළිතුරු ලබාදෙන බවද අවධාරණය කළේය.