සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කමිටුවේ 90%ක ප්‍රමාණයක් සයිටම් වෙනුවෙන් පෙනී සිටි අය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා වෛද්‍ය ආඥා පනතට අනුව විසඳුමක් ලැබේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.
වෛද්‍ය සේවය සම්බන්ධයෙන් සොයා බැලීමේදී වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු පත්කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, එහෙත් එවැනි පත්කිරීමක් සිදුකර නොමැති බවත් අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.