අර්බුදයට විසඳුම සෙවීම අමතක කර සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් අර්බුදයට විසඳුම ඉදිරිපත් කර ඇති වෛද්‍ය පීඨාධිපතිවරුන් ඇතුළු බහුතරයකගේ යෝජනාව වී ඇත්තේ 2016 වසරට පෙර සයිටම් ආයතනයට බඳවාගත් ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉටු කිරීම බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව සයිටම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු එම ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීමට ඉඩ ලබා නොදෙන බවට රජය එකඟතාවයක් පළකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් එම එකඟතාවයන් කඩකරමින් ශිෂ්‍යයන් 500ක් බඳවා ගැනීමට සයිටම් ආයතනය සැලසුම් කර තිබෙන බවද හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.