GMOA 04 දා සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට
කොතලාවල වෛද්‍ය විද්‍යාලයට සයිටම් ආයතනය ඒකාබද්ධ කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු නොකළොත් මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය වැඩවර්ජනය තීරණය කිරීම සඳහා මැයි 03 වැනිදා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට තීරණය කළ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතර සයිටම් විරෝධී ඒකාබද්ධ කමිටු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැයි 08 වැනිදා රැස්වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.
මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට මැයි 03 වැනිදාට පෙර අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.
එම ඉල්ලීමට අවස්ථාව නොලැබුණොත් මැයි 04 වැනිදා වෛද්‍ය වැඩවර්ජනයක් සිදු විය හැකි බවත්, මධ්‍යම කාරක සභාව 03 වැනිදා එම තීරණය ගතහොත් 04 වැනිදා වෛද්‍ය වැඩවර්ජනයක් සිදු වන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


