රටේ ඇති බහුතරයකගේ ඉල්ලීම වී තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත කිරීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කඩාකප්පල් කර දැමීමට උත්සාහ ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මෙම කටයුත්ත සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්විය යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය රැකගැනීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගතවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ක්රියාවසිදුකරන බවද ඔහු පවසා සිටියේය.
අවම ප්‍රමිතිය ගැසට් පත්‍රිකාවකින් නීතිගත වුවහොත් ඊට අනුව සයිටම් ආයතනය සකස්කරගැනීමට වසර 05කට වැඩි කාලයක් ගතවන බවද ලේකම්වරයා කියා සිටියේය.