Forbes මාධ්‍ය සමාගමත් චීනයට හිමිවෙයි
වසර 97ක් ඇමෙරිකාවේ පවුලේ ව්‍යාපාරයක් ලෙස පැවති Forbes මාධ්‍ය සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, තම සමාගමේ කොටස් අයිතියෙන් බහුතරයක් හොංකොං කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර ආයෝජක කණ්ඩායමක් වෙත විකිණූ බවයි.
සුප්‍රකට Forbes සඟරාවද අයත් ෆෝබ්ස් මාධ්‍ය සමාගම ඒකාබද්ධ Whale මීඩියා ඉන්වෙස්ට්මන්ට්ස් විසින් මිලදී ගෙන ඇත්තේ ප්‍රකාශයට පත් නොකළ වටිනාකමකටය.
කෙසේ වෙතත් ෆෝබ්ස් පවුල පවසා සිටින්නේ තමන්ට තවමත් සමාගමෙන් සැලකිය යුතු කොටස් අයිතියක් හිමිව පවතින බවයි.
ඒ අනුව, ෆෝබ්ස් මාධ්‍ය සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ ස්ටීව් ෆෝබ්ස් එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බවද කියැවෙයි.
එමෙන්ම, සිය මෙහෙයුම් ඉදිරියටත් ඇමෙරිකානු මූලස්ථානයේ සිට සිදුකිරීමට ඔවුන් කටයුතු කරන අතර, ඉදිරියේදී සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය වැඩි කිරීමේ බලාපොරොත්තුවක්ද පවතින බව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

