මේ මස 13 වැනිදාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වසරක් සපිරෙන බැවින් එයට විරෝධය පළකරමින් පොල් ගැසීම සඳහා මේ මස 06 වැනිදා පෙරවරු 9.00 ට හික්කඩුව- සීනිගම දේවාලයට පැමිණෙන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (03දා) පැවසීය.
බොරැල්ල කොටාපාරේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණයෙන් පවා පිහිටක් නැති මොහොතක තමන්ගේ දුක පැවසීමට දෙවියන් හැර වෙනත් කෙනෙකු නැති බවයි.