එෆ්.සී.අයී.ඩීය පිහිටුවන්න තිබුණේ මීටත් වඩා කලින් බවත්, එසේ පිහිටුවා තිබුණානම් මේ රටේ වංචා දූෂණ අඩුවී නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින්ද යහපත් ලෙස වැඩකරන්නට ඉඩ තිබූ බවත්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
එමෙන්ම සඳුදා උදේ 10ට තමන් රටේ දේශපාලන තත්ත්වය ගැන මහජන පුස්තකාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් කරන බවත් හෙතෙම පැවසුයේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද එෆ්.සී.අයී.ඩීය වෙත පැමිණීමෙන් පසුවය.