රජයේ වාහන 12 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ විමර්ශනයක් සඳහා විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් අද (12) ඔහුගේ පානදුර ඔහුගේ නිවසට ගොස් ඇත. නමුත් මෙම කණ්ඩායමට ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකිවී ඇති අතර ඔහු අසනීපෙන් පසුවීම හේතුවෙන් පොලීසිය ආපසු හැරී ඇත.
ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලක් අනුව මෙම විමර්ශනය සිදුකරණු ලැබේ.