පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය සහ එය පිහිටුවීමට මුල් වූ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. එම මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය පොලිස් ආඥාපනතට හා පවතින නීතියට පටහැනි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. අපරාධ වංචා හෝ වෙනත් කරුණු විමර්ශනයට බලය ඇති පොලිස් ඒකක 64 ක් තිබීයදී අගමැතිවරයා යටතේ ඇති ඇමති මණ්ඩලය මගින් ක්‍රියාත්මක අනුකාරක සභාවකින් මෙහෙයවන විමර්ශන ඒකකයක් පිහිටුවීම නීති විරෝධී බව එම පෙත්සමේ සදහන් වේ.