ෙෆේස්බුක් සමාජ ජාලය හරහා සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් හික්කඩුව, වෑවල හෝටලයක් තුළ පවත්වා තිබූ මත්පැන් සාදයක් හා මත්පැන් ජාවාරමක් පොලීසිය විසින් වටලා ඇත. අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මීටියාගොඩ පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 19ක් පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇත.
විෂ මත්ද්‍රව්‍ය අඩංගුයැයි සිතිය හැකි ලොලිපොප් 16ක්, ගංජා ග්‍රෑම් 09ක්, කොකේන් මිලි ග්‍රෑම් 50ක් සන්තකයේ තබාගත් සැකකරුවන් 7ක් හා තවත් පුද්ගලයන් 12ක් අත්අඩංගුවට පත් ඇත.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් අතර සැකකාරියන් තිදෙනෙක් වෙන බව පොලීසිය පවසයි. මෙම සැකකරුවන් 7 දෙනාම අවුරුදු 25 හා අවුරුදු 19 අතර පසුවන්නෝ වෙති.