පිටරටින් තෑග් පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යොමුකරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (20දා) සවස වැලිගම පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම ප්රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.