නාවලපිටිය ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් මුහුණ පොතේ (Facebook) අපහාසාත්මකව පළ කළ සිද්ධියක් දැකීමෙන් ඇය අධිරුධිර පීඩන තත්ත්වයට පත්ව දැඩිලෙස රෝගාතුරව පත්වීම හා එම විදුහලට පැමිණි කිසියම් පිරිසක් එහි ගුරුවරියකට බැන වැදී පහරදීමෙන් එම දෙදෙනාම නාවලපිටිය රෝහල් ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් නොසන්සුන් වූ සිසුන් හා දෙමාපියන් නාවලපිටිය නගරයට පැමිණ ඊයේ උද්ඝෝෂණයක නිරත විය.
මුහුණු පොතේ සිද්ධිය දැකීමෙන් රෝගී වී රෝහල්ගත කොට ඇත්තේ මෙම විදුහලේ විදුහල්පතිනිය වන එෆ්.ඒ. රියාල් මහත්මිය හා පහර කෑමට ලක්වීමෙන් රෝහල් ගත කොට ඇත්තේ ඉසඩ්.බී.ඒ. ආබ්බාක් යන දෙදෙනායි.
ගම්පොල - සුරංග දිල්හාන්