'යථාත්‍ය ගොවිපොළකරණ' හෙවත් 'Exact Farming' සංකල්පය ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ප්‍රජාවට හඳුන්වාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හෙට (02දා) සුප්‍රීම්සැට් සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.
ඒ යටතේ, සුප්‍රීම්සැට් සමාගම වෙතින්, ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මනාව යාවත්කාලීන කරන ලද නවතම චන්ද්‍රිකා ඡායාරූප කෘෂිකර්ම අමාත්‍යාංශයට සැපයීමට නියමිත අතර, අදාළ ක්‍රමවේදය සහ සබැඳි සේවාවන් ඉදිරි වසර 20ක කාලය සඳහා නොමිලයේ ලබාදෙන බවටද තහවුරු කර ඇති බව අමාත්‍යාංශය කියයි.