සේවක අර්ථසාධක අරමුදලේ (EPF) අඛණ්ඩව වසර 10ක් සම්පූර්ණ කර ඇති සාමාජිකයන්ට එම අරමුදලින් 30%ක මුදලක් ලබාගැනීමේ අවස්ථාව ඊයේ (27දා) සිට උදාවූ අතර, ඒ සඳහා ඉල්ලුම් කිරීමට අතිවිශාල සාමාජික පිරිසක් ඊයේ කම්කරු අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි.
එමෙන්ම, මෙය ආරම්භ කිරීමත් සමග ලක්ෂ 6කට අධික අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව අනුමාන කරන බවද අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ තම ශේෂයෙන් 30෴ ක් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර ලබාගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයන්ට උදාවන අතර සේවක අර්ථසාධක අරමුදලේ රු.ලක්ෂ 3 කට වැඩි ශේෂයක් පවතින සාමාජිකයන්ට මෙම පහසුකම ලබාගත හැකි වේ.
මෙතෙක් පැවති රෙගුලාසිවලට අනුව විවාහයකදී කාන්තාවකටත්, සෞඛ්‍ය හේතු මත දැඩි දුබලතාවකට පත්වූවෙකුටත්, ස්ථිර පදිංචියට රට හැර යන්නෙකුටත් හැර වෙනත් පුද්ගලයෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතෙක් සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් ලබාගැනීමට නොහැකි විය.
අදාළ මුදල ලබාදෙන්නේ ණයක් ලෙස නොවන අතර, ලබාදෙන මුදල ගිණුමේ ශේෂයෙන් අඩුවන බවද රුපියල් මිලියන දෙකක් නොඉක්මවන මුදලක් මෙසේ ලබා ගත හැකි බවද අමාත්‍යාංශය පවසයි.