සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හෙට (04දා) අලුයම සිංගප්පූරුවේ රෝහලකට වැඩවීමට නියමිතය.
හදවත් සැත්කමකින් පසුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ හදවත් සැත්කම සාර්ථක ලෙස සිදු කළද ඒ සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇතිවූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා එහි ගෙනයාමට තීරණය කර තිබේ.
සෝභිත හිමියන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙයා බැලීමෙන් අනතුරුව සෝභිත හිමියන්ව සිංගප්පූරු රෝහලට ගෙනයාම සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සිදුකරන ලෙස ජනපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.