ඉන්දියාව සමග ඇති කරගැනීමට නියමිත එට්කා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සමහරුන් කොරහෙ කිඹුල්ලු නිර්මාණය කරමින් අනවශ්‍ය බියක් ඇති කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (22දා) අරණායකදී පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිර්මල බුදු දහමද අපට ඉන්දියාවෙන් ලැබුණු බවයි. එසේම පණ්ඩිත් අමරදේව සූරීන් මෙන්ම පණිභාරත සූරීන්ද ඉන්දියාවෙන් ඉගෙන පැමිණ දේශීය කලාවක් ස්ථාපිත කිරීමට සමත්වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට වසර 3000 ට පමණ පෙර දෙවැනි පරාක්‍රමබාහු රජු අන්තර් දීගය නමින් විදේශ රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙමින් ලංකාවේ ආර්ථිකය සංවර්ධන කරන්නට පියවර ගෙන ඇති බවත්, ඒ ආකාරයට රට ආර්ථික වශයෙන් දියුණු කරන්නට කටයුතු කළ යුතු බවද කබීර් හෂීම් මහතා පවසා සිටියේය.
මාවනැල්ල/හෙම්මාතගම - විජය බණ්ඩාර