නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්රික් මහලේකම් කාර්යාලයට අද (09දා) පෙරවරුවේ ගිය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්රික්කය සඳහා සකස් කළ නාමයෝජනා පත්ර බාරදුන්නේය.
මේ අතර ගම්පහ දිස්ත්රික්ක නාමයෝජනා පත්ර අද සවස භාරදෙන බව එම පක්ෂය සඳහන් කළේය.
ගම්පහ දිස්ත්රික්කයේ කැලණිය ආසනය නියෝජනය කරමින් මහමැතිවරණයට තරග වදින අනෝමා ෆොන්සේකා මහත්මිය එම නාමයෝජනා පත්ර භාරදීමට නියමිතය.