ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වූ සාමාජිකයින් පිරිසකට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු පිරිනමා තිබේ.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නියෝජනය කළ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සිට මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතුවූ සංවිධායකවරු එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් අද(30දා) පත්වීම් ලැබූහ.