ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොටි සංවිධානයෙන් හා දෙමළ ඩයසපෝරාවෙන් නඩත්තු වන පුද්ගලයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (04දා) පැවසීය.
ඇමෙරිකාවේ පුරවැසිලාභියෙකු වන සරත් ෆොන්සේකා මහතාට 2010 ජනාධිපතිවරණයේදී දෙමළ ඩයස්පෝරාව විසින් වියදම් කළ බවත්, ඉන්පසුව දිගින් දිගටම ඔහු රටට හතුරු ප්රතිපත්තියක සිටි බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ වනවිට කොටි සංවිධානයේ අසහාය වීරයා බවට පත්වී ඇත්තේද සරත් ෆොන්සේකා බවත්,රජය මැදිහත් වී ඔහුට දඬුවම් ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.