මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් පනස්නව කෝටි විසිනවලක්ෂයක (592,925,000) පරිපූරක ඇස්තමේන්තුවක් ඉල්ලා සිටින බව විෂයභාර අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහත පාර්ලිමේන්තුවේදී අද (20දා) පැවසීය.
සේවකවන්ගේ වැටුප් හා වේතන සඳහා රුපියල් 469,425,000ක්ද, අමාත්‍යාංශයේ අනෙකුත් කටයුතු සඳහා රුපියල් 123,500,000ක මුදලක්ද අවශ්‍ය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.