ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අත්අංගුවට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය,
“මේ රටේ හමුදාපතිවරයෙකුට ද්‍රෝහි ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා මහතා දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී කටයුතු සම්බන්ධව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ හැකියි.
මෙයට අමතරව ඔහු දරන ඇමති ධුරය හෝ නිලතල වරප්‍රසාද දැරිය නොහැකියි. ඉතිරි කළ නොහැකියි.මෙහි ඇති පුදුමය වන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිහඬයි.ජනාධිපතිවරයා නම් මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදු කළා.”
නිමල් අල්ගෙවත්ත