ෆේස්බුක් සමාජ ජාලය තහනම් කිරීමට රජය විසින් කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.
රජය විසින් ෆේස්බුක් සමාජ ජාලය තහනම් කිරීමට කටයුතු කරමින් තිබෙන බවට වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් 'අද' කළ විමසුමකදී ඔහු මෙම අදහස් ප්රකාශ කළේය.
“එක පිස්සු කතාවක්. ෆේස්බුක් තහනම් කරන්න තීරණයක් අරගෙන තියෙනවානම් අපිට දැනුම්දෙන්න ඕනෑ. මේවා සමාජ ජාල මිනිස්සු ගොඩක් අද මෙවත් එක්ක ඉන්නේ. ඒවා තහනම් කරනවානම් සමාජ කතිකාවතක් ඇති විය යුතුයි. තහනම් කරනවා කියන්නෙ අන්තිම පියවර. ඊට කලින් ගොඩක් පියවර තියෙනවා. ආණ්ඩුව එක පාරටම මෙහෙම කරයි කියලා මම හිතන්නෙ නෑ.” යැයි අනූෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.