ෆෙඩරල් පාලන යෝජනාව උතුරේදී සම්මතයි
උතුරු නැගෙනහිර පළාත් එකට එකතු කොට එම පළාත් වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී රජය විසින් සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත අද (22 දා) උතුරු පළාත් සභාවේදී සම්මත විය.
මෙම යෝජනාවලිය සභාවට ඉදිරිපත් කළේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසිනි. අනතුරුව සෙසු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළකර තිබේ.
මෙම යෝජනා ඇතුළත් කෙටුම්පත සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය විශේෂ කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම රැස්වී ජනතාවගෙන් හා විවිධ සංවිධානවලින් අදහස් හා යෝජනා එක් රැස් කර තිබේ.
මෙම යෝජනාවලියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වන වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න යන අය විරුද්ධ වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

