සම්පූර්ණ මුහුණ ආවරණය සහිත හිස්වැසුම් භාවිත කර යතුරුපැදි පැදවීම සහ යතුරුපැදියේ පසුපස ගමන් කිරීම අද (02දා) සිට සපුරා තහනම් බවත්, මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අනුව සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස්වැසුමක් භාවිත කළහොත් ඒ සඳහා රුපියල් 500 ක දඩ කොළයක් ලබාදෙන ලෙසට සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් පත්‍රිකාවක් නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.
දඩ මුදල ගෙවීම පැහැරහැරියහොත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, එහිදී රුපියල් 2000 දක්වා වූ දඩ මුදලකට යටත්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.