ජනාවාරී 01වැනිදා සිට මැයි මස 08වැනිදා දක්වා කාලය තුළ මුහුණු ආවරණ කරගත් හිස්වැසුම් පැලඳ සිදුකරන ලද කොල්ලකෑම් 97ක් වාර්තා වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එයින් වැඩිම ප්‍රමාණයක් ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බවත්, එය 26ක් බවත් ඔහු අණාවරණය කළේය. ඉන් අනතුරුව නුගේගොඩ ප්‍රදේශයෙන් සිදුවීම්11 ක්,ගාල්ල ප්‍රදේශයෙන් 08 ක්, පානදුර ප්‍රදේශයෙන් 07 ක්, රත්නපුරෙන් 05 ක් වශයෙන් සිද්ධීන් වාර්තා වී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
මෙයින් එක් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත් දිගින් දිගටම මෙම තත්ත්වය ඇති වේ නම් එය පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්, වර්තමානය වනවිට එම හෙල්මට් හිසේ ආරක්ෂාව සඳහා යොදාගන්නා උපකරණයකටත් වඩා කොල්ලකෑමේ මෙවලමක් බවට පත්කරගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.