ෆුල් ෆේස් හෙල්මට් තහනම අවලංගු කරන්න
සම්පූර්ණ මුහුණ ආවරණය සහිත හිස් වැසුම භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය වහාම අවලංගු කර දමන ලෙස ඉල්ලා සම්පූර්ණ මුහුණ ආවරණ සහිත හිස් වැසුම භාවිත කරන්නන් විශාල පිරිසක් ඊයේ (29දා) ගාලු මුවදොර පිටිය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
එහිදී උද්ඝෝෂණකරුවන් සඳහන් කළේ, සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස්වැසුම භාවිත කරමින් මංකොල්ලකෑම සිදුවන බවට පවසමින්, පොලීසිය විසින් ගෙන තිබෙන මෙම තීරණය ඔළුවක් නැති කෙනෙකුගේ තීරණයක් බවත්ය.
මෙම හිස්වැසුම පැලඳගෙන සිදුකරන නීතිවීරෝධි කටයුතු නවතා දැමීමට මෙම තීරණය ගෙන තිබේනම් මුලින්ම රට තුළ භාවිත කිරීම තහනම් කළ යුත්තේ පිහි බවද උද්ඝෝෂණයේ නිරතවූවෝ සඳහන් කළහ.
එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දුන්නේ පිහි භාවිත කරමින්, මංකොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම පිළිබඳව දිනපතා රට තුළින් වාර්තා වන බවත්ය.
මේ නිසා අප්‍රේල් 02 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන ආරක්ෂික හිස්වැසුම් භාවිත කිරීමේ තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුහු අවධාරණය කළහ.
සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම භාවිත කිරීම නිසා අනතුරකදි තම හිසට, මුහුණට සිදුවන අනතුරු වැළකෙන බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

