හෙට (02දා) සිට ක්‍රියාත්මක වීමට නියමිත ෆුල් ෆේස් හෙල්මට් (සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට්) තහනමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ දකුණු පළාත් කාර්යාලයට අද (01දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ආරක්ෂක ලේකම්, පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ මාතර තරුණ බෞද්ධ සමිතියේ සුබ සාධක අංශයේ සභාපති නන්දන ප්‍රේමකුමාර මහතායි.