ෆ්ලයි ඩුබායි ගුවන් යානයට මත්තලදී කුරුල්ලෙක් ගැටේ ගුවන් ගමන ප්‍රමාදයි
කටුනායක ගුවන්තොටුපොළ සිට මත්තල ගුවන්තොටුපොළ හරහා ඩුබායි යෑමට පැමිණි FZ 551 වර්ගයට අයත් ෆ්ලයි ඩුබායි ගුවන්යානයේ වම්පස එන්ජිමෙහි කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් අද (02දා) පෙරවරු 7.11 සිට එම ගුවන් යානය මත්තල නතර කර තිබේ .
අදාළ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට මගින් 113ක් රැගෙන මත්තල ගුවන්තොටුපලට පැමිණ ඇති අතර, මත්තල ගුවන් තොටුපොළින් මගින් 55 දෙනෙකු රැගෙන යෑමට නියමිතව තිබුණද ගුවන් යානය මත්තලට ගොඩ බස්වමින් තිබියදී එහි මෙලෙස කුරුල්ලෙකු ගැටී ඇත.
අනතුරුව ඩුබායි සිට ලංකාවට පැමිණි මගින් 20 දෙනෙකු මත්තල ගුවන්තොටුපොලින් බැස පිටව ගොස් තිබේ. නමුත් කටුනායකින් ඩුබායි යෑමට පැමිණි 113 දෙනා සහ මත්තලින් ගුවන් තොටුපොළින් ඩුබායි යෑමට පැමිණ සිටි 55 දෙනෙකු මේ වන විටත් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොමැතිව එම පිරිස අපහසුතාවයට පත්ව ඇතිබවත් මගීහු පවසති.
මේ සබන්ධයෙන් කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළ නිලධාරියෙකු පවසා සිටියේ කුරුල්ලෙකු ගැටීමෙන් පසු ගුවන්යානය ගුවන් ඉන්ජිනේරුවකුගේ පරීක්ෂාවකින් තොරව පියාසර නොකරන බවත්, කටුනායක ගුවන්තොටුපොළ සිට ඉංජිනේරුවෙකු ඉක්මනින් කැඳවීමට කටයුතු කරන බවත්ය.
නමුත් මේ සම්බන්ධයෙන් මගියෙකු කියා සිටියේ පෙරවරු 7.11 සිට පස්වරු 1.00 පමණ වනතෙක් පැය හයකට අධික කාලයක් ගතවුවද කොළඹ සිට ඒ වනතෙක් ඉංජිනේරුවෙකු ගෙන ඒමට ගුවන්තොටුපොළ බලධාරීන් අසමත් වූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



