පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගම් මට්ටමේ පළාත් පාලන නියෝජිතයන් දුක්විඳින බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) පැවසීය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක ආරක්ෂා කරමින් ඇමතිවරයා කටයුතු කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩුවෙන් ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා නොකැපුණු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.