ආණ්ඩුවේ වංචා හා දූෂනයන්ට සම්බන්ධ අයගේ ෆයිල් ජනවාරි 9 වැනිදායින් පසුව බිහිවන රජය හරහා ජනතාවට විවෘතව පෙන්වන බවත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
එසේම නව ආණ්ඩුව මගින් රටින් පැන යන්න හදන කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම කීය.
"පැනලා යන හොරු අල්ලනවා. වගකීමෙන් කියනවා අපි ළඟ ලියකියවිලි තියෙනවා. ඇතැම් අය ශාන්ත මරීනා හා කිට්ස් වල පුරවැසි භාවය අරගෙන තියෙනවා. ඒ කලු සල්ලි සුදු කරන රටක්. හොරකම් කරපු සල්ලි ගෙනියන්නේ සීෂෙල්ස් වලට. මේ හොර කල්ලිය අල්ලන්න කටයුතු කරනවා. ෆයිල් ජනතාවට පෙන්වනවා. ඒවා අධිකරණයට විවෘතව ඉදිරිපත් කරනවා."