බෙලිඅත්ත මහ හීල්ල නැගෙනහිර ප්රදේශයේ ළිඳක බැම්මක් බඳිමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු අද (25දා) පෙරවරු 11 ට පමණ ළිදේ පස් කණ්ඩිය කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
අනතුරින් මෙසේ මියගොස් ඇත්තේ, වලස්මුල්ල පින්කැල්ල ප්රදේශයේ පදිංචි කේ. විජේසූරිය (අවු.35) හා වලස්මුල්ල කන්දෙගෙදර වත්ත උඩහගොඩ ප්රදේශයේ පදිංචි රාගමුනිගේ අනුර කුමාර (අවු.32) නමැත්තන්ය.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බෙලිඅත්ත රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.