සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනගැනිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපළ සඳහා හානි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (09දා) නියෝග කළේය. ජුලි 23 දා ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.