ඔස්ට්‍රේලියාව තුළ දැනට රැඳවුම් භාරයේ පසුවන 150ක් පමණ වූ ළමා සරණාගතයන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.
ඒ අනුව, අවුරුදු 10ට වඩා අඩු ළමයින් සිටින සරණාගත පවුල් සඳහා තාවකාලික විසා ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන්ස් පවසා තිබේ.
කෙසේ වෙතත්, ප්‍රමාණය 900ක් වූ මුළු සරණාගත ළමයින් සංඛ්‍යාවෙන් සුළු කොටසක් පමණක් බව කියැවෙයි.
ඔස්ට්‍රේලියානු රජය සරණාගතයන් පිළිබඳව කටයුතු කරන ආකාරය මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම හේතුවෙන් මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බව පැවසෙයි.
එහෙත් ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත පැපුවා නිව්ගිනි සහ නාවුරු යන දුපත්වල ඇති රැඳවුම් කනදවුරුවල සිටින 10 ට වැඩි ළමයින් සිය ගණනකට මේ නව ප්‍රතිපත්තිය යටතේ සහනයක් නොලැබෙන බවද කියයි.