ළමා දින සැමරුමට කළුතර ආ ළමා නිවාස දරුවන් 2ක් අතුරුදන්
- 22 10 2017
- 13:56
- {{hitsCtrl.values.hits}} views
- . .
ලෝක ළමා දින සමරු උත්සවයක් සඳහා කළුතර වර්ණන් ප්රනාන්දු ක්රීඩා සංකීර්ණයට පැමිණ සිටි මාකොළ ළමා නිවාසයේ 15 හැවිරිදි ළමුන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි දකුණු කළුතර පොලීසිය කියයි.
බස්නාහිර පළාත් ළමා නිවාස දරුවන් වෙනුවෙන් ඉකුත් 20 වනදා මෙම උත්සවය පැවැත්වුණු අතර, ඊට සහභාගී වීම සඳහා තම ළමා නිවාසයෙන් ළමුන් 45 දෙනෙකු පැමිණි බවත් සවස සොයා බලන විට ළමුන් දෙදෙනෙකු නොසිටි බවත් ඔවුන් භාරව පැමිණි මාකොළ ළමා නිවාසයේ නිලධාරියෙකු වන ජී. තිලකසිරි යන අය පොලීසියට පැමිණිලි කර තිබේ.
අධිකරණ නියෝග යටතේ ළමා නිවාසයේ රඳවා සිටින එම ළමුන් දෙදෙනාගේ ලිපිනයන් හා මාපියන් පිළිබඳ තොරතුරු පසුව පොලීසියට දන්වන බවද ඔහු ප්රකාශ කර තිබේ.
කළුතර කොට්ඨාස භාර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කළුතර - සුනිල් එස්. තන්ත්රීආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

