අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම්වල මුදල් නොගෙවීමෙන් එම පාසල්වල විදුහල්පතිවරු දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ලංකා ගුරැ සංගමය පවසයි.
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉදිකිරීම් සඳහා වන පාසල්වල සනීපාරක්ෂක පහසුකම් හා සුළු අලුත්වැඩියා කටයුතු පාසල් සංවර්ධන සමිති හරහා ඉටු කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
එහි ගෙවීම් සඳහා වන රුපියල් මිලියන 4000 ක මුදලක් ලබාදී ඇති බවත් එම සනීපාරක්ෂක පහසුකම් වර්ධනය සහ සුළු අලුත්වැඩියාවන් කිරීම අවසන් කර තිබෙන නමුත් . ඊට අදාළ ගෙවීම් සඳහා වූ රුපියල් මිලියන 4000 ක පමණ මුදල් මේ වන තෙක් අදාළ පාසල්වලට ලබාදීමට කටයුතු කර නැති බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් නිවෙිදනයක් නිකුත් කරමින් පවසා සිටියි.