අධිකරණ තීන්දු අභියෝගයට ලක්කරමින් හා ඒවාට එරෙහිව යමින් හා අධිකරණ කටයුතුවලට බාධාකරමින් ඊයේ (26දා) හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ප්රකෝපකාරී ලෙස හැසිරුණ පිරිස් අත්අඩංගුවට ගෙන ලබන මස නව වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (27දා) හෝමාගම පොලීසියට නියෝග කළේය.
අනුව අධිකරණයට අපහාස කිරීම හා අධිකරණය කටයුතුවලට බාධා කිරීම, රාජ්ය නිලධාරීන්ට බැන වැදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ගොලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළ තීන්දුව ප්රකාශයට පත්වීමත් සමග ගිහි පැවිදි පිරිසක් අධිකරණයේ දේපළවලට හානි කරමින් අධිකරණ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වෙමින් බෝතල් ගල්මුල් ආදියෙන් අධිකරණය දෙසට දමා ගසමින් කලහකාරී ලෙස හැසිරුණහ.
තවත් හිමිවරුන් පිරිසක් බන්ධනාගාර රථය අධිකරණ සංකීර්ණය තෙක් ගෙනයාම වළක්වාලමින් එහි රෝදවලට හිස තබා වැතිරුණහ. තවත් හිමිවරු පිරිසක් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙමින් විරෝධය දැක්වූහ. දිගින් දිගටම අධිකරණය ඉදිරිපිට කෑ ගැසීමත් රැස්වීම් පැවැත්වීමත් උද්ඝෝෂණය කිරීමත් නිසා අධිකරණයේ කටයුතු පැය දෙකකට පමණ පෙර සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සිදුවූ අතර ඊට පෙරද පැයක කාලයකට අත්හිටවනු ලැබිණ.
දයාරත්න පතිරණ