හෝමාගම මහේස්ත්රාත් අධීකරණය ඉදිරිපිටදි කළහකාරි ලෙස හැසිරිමේ චෝදනා යටතේ අත්අංඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා එළැඹෙන 09දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්රාත් අධිකරණය අද (31දා) නියෝග කළ බව පොලීසිය කියයි.
පසුගිය 26 දා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට පිරිසක් කළහකාරී ලෙස හැසිරුණහ.