හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය පිහිටි භූමිය තුළට දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙස වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගෙන් වනජීවි නිලධාරිහූ ඉල්ලා සිටිති.
සංචාරකයන් විසින් වනෝද්‍යානය තුළට මුදා හරින පොලිතීන්, ප්ලාස්ටික් හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය එහි වෙසෙන ගෝනුන්, මුවන් වැනි සතුන් විසින් අනුභවයට ගැනීම නිසා එම සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී ඇති බව පවසන වනජීවි නිලධාරීහූ, මෙම අපද්‍රව්‍ය නිසා වනෝද්‍යානයේ සුන්දරත්වයට මෙන්ම පරිසරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවද පෙන්වා දුන්හ.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක