වර්තමානයේදී හොරු වීරයෝ වී ඇති බවත්, වීරයෝ හොරු වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
කඩවත පහළ බියංවල චිත්ත විවේකාශ්‍රමයේ අද (29දා) පැවැති ප්‍රජා සත්කාරක වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාවට දුන් පොරොන්දු ඉටුකර නොමැති බවත්, එය කනගාටුවට කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ රටේ ජනතාව ආණ්ඩුව ජනාධිපතිවරයාටයි, අගමැතිවරයාටයි භාර දුන්නේ හොරු අල්ලලා ඉදිරියට ගෙනියන්න. නමුත් තවමත් ජනාධිපතිතුමායි, අගමැතිතුමායි දුන්න පොරොන්දු ඉටු කරලා නැහැ. ඒක රටේ අවාසනාවක්. අද හොරු වීරයෝ වෙලා. වීරයෝ හොරු වෙලා. පසුගිය ආණ්ඩුවේ හොරකම් කළ අය නිදැල්ලේ ඉන්නවා. දැන් අවුරුදු තුනහමාරක් වෙනවා. තාම අපිට පසුගිය කාලේ හොරෙක් අල්ලා ගන්න බැරි වුණා.
මම සන්තෝෂ වනවා මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුවත් ඇල්ලීම ගැන. අර්ජුන ඇලෝෂියස්ලාගෙන් සල්ලි ගත්ත 118ක් ඉන්නවා නම් ඒ නම් 118 අනිවාර්යෙන්ම එළියට දාන්න ඕන. ඇත්තටම දැන් සමහර අය ලොකුවට කෑ ගැහුවට ඒ ගොල්ලන්ගෙත් රෙදි ගැලවිලා තියෙන්නේ” යැයි පැවසීය