ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කළ හොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කඳවුරට උත්තේජනයක් ලැබෙන බව දන්නා බව විපක්ෂයේ ප්රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
" අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දේශපාලනයක් තිබෙනවා. අපි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්න තීරණය කළා. විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කළොත් රාජපක්ෂ කඳවුරට උත්තේජනයක් ලැබෙන බව අපි දන්නවා.
විශ්වාසභංගයෙන් ජනතා ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නෑ. මෙයට අත්සන් කර ඇත්තේ හොරකමේ, ජාතිවාදයේ කප්පිත්තෝ. ජාතිවාදයට නිදැල්ලේ හැසිරෙන්න අගමැති හා ජනපති ඉඩ දුන්නා. එවකට පොලීසිය බාරව සිටි සාගල රත්නායක ඇමති හා දූෂිත මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර ඇතිවූ ගැටුමක් නිසා එම කාර්යාලය අහෝසි කිරීමට අගමැති කටයුතු කළා."