ආයුර්වේද සම්බාහන ආයතනයක් මුවාවෙන් කොට්ටාව ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ නියැළුණු කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලීසිය සමත්විය.
අත්අඩංගුවට පත් මෙම කාන්තාවන් අවුරුදු 25ත් 30ත් අතර වසසේ පසුවන්නියන් බව පොලීසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ ගණිකා නිවාසයේ හිමිකරු එම ස්ථානයේ නොසිටි අතර, ඔහුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කොට්ටාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.