අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ අදාහන උත්සවය පැවති දින මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසළ සැකකටයුතු අන්දමින් හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.
සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගකළෙය.